our works

පඩිපෙළ සැලසුම්

මුල් ගල් තැබීම

මුල්ගල් තබා සුබ මොහොතින් ඉදිකිරීම් වැඩ ආරම්බ කිරීම.

බඩුමූට්ටු ඇතුලට ගන්න බැරි තැන්වල බොහෝම පරිස්සමෙන් තිබෙන ගෙවල්වල වහලට හා අනිකුත් කොටස්වලට හානිනොවෙන්න කොන්ක්රීට් ස්ලැබ් දාලා උඩතට්ටු හදන්න ඕනි. ඉදිකිරීම්කරුගේ පලපුරුද්ද අතිශයින්ම වැදගත්.

කැළණිතිස්ස බලාගාරයේ සේවයේ නියුතු මහනුවර පදින්චි විජේකෝන් මහත්මා විසින් අතුරුගිරියේ ඉදිකිරීමට යෝජනා කල දෙමහල් නිවසේ ඉදිකිරීම් කටයුතු මුල්ගල තබා සුබ මොහොතින් ආරම්බකල අවස්තාවයි.

හොරණ මුනගම ඉදිකිරීමට බාරගත් නිවසේ මුල් අදියර යටතේ යට තට්ටුවේ වැඩ අවසන් කලෙමි. නිවෙස් හිමියන් කඩිනමින් පදිංචි වීමට පියවර ගත්තෙමි. ලොකු මුදලක් අතේ නැතිව ඉදිකිරීමට පටන්ගත් නිවසක් බැවින් හැකිතාක් වියදම අඩුකර ඉදිකිරීමට මම කටයුතු කලෙමි.. නමුත් ඉතාම සිත්ගන්නාසුළු චාම් පෙනුමැති වටිනා අලංකාර නිවසක් ඉදිකෙරිනි.. නිවසේ සෑම තැනකටම වාතාශ්රයත් ආලෝකයත් නොඅඩුව වැටීම විසේසත්වයකි. නිවෙස් හිමියන්ගේ සතුටුකදුළු අතරින් ඔවුන් කළ විසේශ ස්තූතිය සදාකල් මගේ මතකයේ රැදේවී.

බොහෝ පැරණි කබොක් ගල් මැටි බිත්ති යොදා ඉදිකර තිබුනු තනි මහල් නිවසක් සම්පූර්ණයෙන්ම නවීකරණය කර දෙමහල් නිවසක් බවට පරිවර්තනය කර ඉදිකරන අලංකාර නිවසේ දර්ශනයි මේ තියෙන්නෙ..හැකිතාක් තිබුනු පරණ ලී දැව දඩු, ජනෙල් දොරවල් ,ඇස්බෙස්ටෝස් යනාදී අමුද්රවය නැවත බාවිතා කර ඉතාම අඩු වියදමකින් නිවස ඉදිකර දීමට කටයුතු යොදා ඇත. දැනට,70% ක් පමන වැඩ කොටස් නිමවී ඇති අතර තව මාස 2 කින් නිවසේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත. වැඩ අවසන් වූ පසු පරණ නිවසක් පිලිසකර කලබවට කිසිම ආකාරයකින් දෘශ්ය මාන නොවීම මගේ ඉදිකිරීම් කලාවේ සුවිසේසී ලක්සනයකි.

වැඩ අවසන් කල නිවසක්

චන්දිම මහත්මයාගෙ මොරටුවෙ හදන නිවස. වැඩ අවසන් කල ඉදිකල නිවස

× How can I help you?